
කල්පිටිය – කුඩාව වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසුන් අතරින් මියගිය 03 දෙනාගේ සිරුරු කල්පිටිය වනජීවි කෞතුකාගාරයට රැගෙන ඒමට කටයුතු කරන බව පුත්තලම වනජීවි කලාප සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සුදුසු නියෝගයක් ලබාගෙන තල්මස් සිරුරු සංරක්ෂණ කටයුතු සඳහා කල්පිටිය වනජීවි කෞතුකාගාරයට රැගෙන එන බවයි.
එසේම, ඉල්ලීමක් ලැබුනහොත් ගිරිතලේ ප‍්‍රධාන වනජීවි කෞතුගාරයට තල්මසෙකුගේ සිරුරුක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා. ඒ අනුව මියගිය තල්මසුන්ගේ පශ්චාත් මරණ අද වනජීවි පශු වෛද්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබුණා.
කල්පිටිය – කුඩාව වෙරළ තීරයට පෙරේදා ගොඩගැසූ තල්මසුන් 14 දෙනා අතරින් 11 දෙනෙකු ආරක්ෂිතව දියඹට මුදා හැරීමට නාවික හමුදාව, වනජිවි නිලධාරින් මෙන්ම, ප‍්‍රදේශයේ ධීවරයන් කටයුතු කළා.
මෙම තල්මස් විශේෂය ෆයිලට් වේල්ස් නමින් හඳුන්වන අතර, සමූහයක් ලෙස මුහුදේ සැරිසරන සත්ත්ව විශේෂයක්.