
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. සිංහල භාෂාවෙන්ම ට්විටර් පණිවුඩය නිකුත් කරමින් මෝදි පවසා ඇත්තේ මෙය ඉන්දු – ශ‍්‍රී ලංකා සමීප සබඳතා පෙන්නුම් කරන සංස්කෘතික සහයෝගීතා ව්‍යාපෘතියක් බවයි.
එමඟින් විශාල ජනතාවකට සුබසිද්ධියක් සැළසෙන බවද සඳහන් කර ඇති ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා විවෘත කිරීමේ අවස්ථාවට ශ‍්‍රී ලංකා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහභාගිවීම සම්භාවනීය අවස්ථාවක් බවද සිය ට්විටර් පණිවුඩය මගින් දක්වා තිබෙනවා.
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවීම සඳහා ඉන්දියාව සහය ලබාදුන් බවයි. සංහිදියාව, සංවර්ධනය සහ සංස්කෘතිය ප‍්‍රතිපත්තිය කොට ගෙන රට ඉදිරියට ගෙන යෑම රජයේ ප‍්‍රතිපත්තිය බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.