/
/
title icon
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන්න සී.අයි.ඩී. කණ්ඩායමක් ඉන්දුනීසියාවට.
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන්න සී.අයි.ඩී. කණ්ඩායමක් ඉන්දුනීසියාවට.
Editor
2 years ago
Share:
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන්න සී.අයි.ඩී. කණ්ඩායමක් ඉන්දුනීසියාවට.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ශ‍්‍රී ලංකාවේ සිට සැළසුම් කළාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සැක මතුව තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඔපේක්ස් හෝල්ඩින්ස්ග් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ 45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ තම බ‍්‍රසීල ජාතික බිරිඳ, සිව් හැවිරිදි දියණිය හා නිවසේ මෙහෙකාර කාන්තාව සමඟ විනෝද චාරිකාවක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ගොස් සිටියදී අභිරහස් ලෙස මියගොස් තිබුණා. එරට මහල් නිවාස සංකීර්ණයක තිබී ව්‍යාපාරිකයාගේ සිරුර හමුවූ අතර, පසුව ජකර්තා පොලිසිය සඳහන් කළේ මෙම මරණය ඝාතනයක් බවට සැක කරන බවයි.

ඔනේෂ් සුබසිංහගේ බ‍්‍රසීල ජාතික බිරිඳ ඇතුළු පිරිස මෝටර් රථයකින් මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන ආකාරයත්, ව්‍යාපාරිකයා නොමැතිව ඔවුන් ඉන් යළි පිටව යන ආකාරයත් එහි සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබෙනවා.

අදාළ ඝාතනය මෙරට සිට සැළසුම් කර ඇති බවට සැක පළ කරන අතර, විදේශ ගතවූයේ එම ඝාතන සැළසුමේ කොටසක් ලෙසද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට ව්‍යාපාරිකයාගේ බ‍්‍රසීල ජාතික බිරිඳ සහ මෙහෙකාර කාන්තාව දියණියද රැගෙන බ‍්‍රසීලයට ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required