/
/
title icon
සාකච්ඡා සාර්ථක වී වර්ජනය අවසන් වෙද්දී දුම්රිය ගමන්වාර රැසකට බලපෑම්.
සාකච්ඡා සාර්ථක වී වර්ජනය අවසන් වෙද්දී දුම්රිය ගමන්වාර රැසකට බලපෑම්.
Editor
2 years ago
Share:
සාකච්ඡා සාර්ථක වී වර්ජනය අවසන් වෙද්දී දුම්රිය ගමන්වාර රැසකට බලපෑම්.

දුම්රිය රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ, දුම්රිය බලධාරින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන්.

පසුගිය සති අන්තයේ දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කළේ දෙමටගොඩ එච්.එල්.එස්. ධාවනාගාරයේ අධීක්ෂණ නිලධාරියාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. මේ හේතුවෙන් පසුගිය දින දෙකේම දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර, අද පෙරවරුවේත් දුම්රිය ගමන් වාර 10 කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණා.

කෙසේ වෙතත්, අද පැවති සාකච්ඡාවේදී ගැටළු කඩිනමින් විසඳන බවට දුම්රිය පාලනාධිකාරිය පොරොන්දුවීම හේතුවෙන් වර්ජනය අතහැර දැමූ බවයි දුම්රිය රියදුරන් කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය මගීන් රැසක් සිය ගමනාගමන කටයුතු සපුරාගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required