/
/
title icon
ඡන්ද පත්‍රිකා ලබා දෙන්නේ නැහැ – මුදල් අවශ්‍යයි, මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කියයි.
ඡන්ද පත්‍රිකා ලබා දෙන්නේ නැහැ – මුදල් අවශ්‍යයි, මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කියයි.
Editor
2 years ago
Share:
ඡන්ද පත්‍රිකා ලබා දෙන්නේ නැහැ – මුදල් අවශ්‍යයි,  මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කියයි.

මුදල් ලබා දෙන්නේ නම් පමණක් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි ලියනගේ විසින් ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කළේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මීට පෙර ලිපියක් යොමු කළා. එහෙත් තවමත් ඊට කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා කියා සිටියේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ප‍්‍රකාශ කළේ, මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදෙන්නේ නම් එය ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංගනය කිරීමක් බවයි.

එමෙන්ම, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස පවරා ඇති මැතිවරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම පිළිබඳ වූ වගන්ති උල්ලංගනය කිරීමක් බව පෙන්වා දෙන සමගි ජනබලවේගයේ මහලේකම්වරයා, ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන ව්‍යවස්ථා උල්ලංඝනයක් බවද සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මේ අතර, පවත්නා මුදල් අර්බුදය සම්බන්ධයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දින සියලූම පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required