
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක‍්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය ඊයේ පැවැත්වුණා.
එහිදී අලෙවි වූ ප‍්‍රථම ක‍්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක‍්‍රීඩිකා ස්මිත්‍රි මන්දනායි. ඇයව ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
මෙහිදී වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් අලෙවි නොවීමද විශේෂත්වයක්.