
විදෙස් ගමන් බලපත‍්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත‍්‍රය ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කරනවා.
ඒ, බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඊයේ හටගත් තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
මෙම දෝෂය හේතුවෙන් ඊයේ දිනයට නිකුත් කිරීමට නියමිතව තිබූ විදෙස් ගමන් බලපත‍්‍ර ලබා දීමට හැකිවූයේ නැහැ. ඒ හේතුවෙන් එහි උණුසුම් තත්වයක්ද හටගත්තා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඊයේ දිනයේ දී විදෙස් ගමන් බලපත‍්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලූ දෙනාටම අද දහවල් 12න් පසුව බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයට පැමිණ සිය විදෙස් ගමන් බලපත‍්‍ර ලබා ගන්නා ලෙසටයි.
අද දින පැමිණීමට හැකියාවක් නොමැති පුද්ගලයින්ට ඔවුන්ගේ විදෙස් ගමන් බල පත‍්‍රය නිවාස වෙත යැවීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා.