/
/
title icon
වී මිලදී ගැනීමේ චක‍්‍රලේඛය නිකුත් කෙරේ – නාඩු රුපියල් 100 යි.
වී මිලදී ගැනීමේ චක‍්‍රලේඛය නිකුත් කෙරේ – නාඩු රුපියල් 100 යි.
Editor
2 years ago
Share:
වී මිලදී ගැනීමේ චක‍්‍රලේඛය නිකුත් කෙරේ – නාඩු රුපියල් 100 යි.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උපරිම තෙතමනය සියයට 14 ක් සහ උපරිම බොල් ප‍්‍රමාණය සියයට 09 ක් වන නිසි ප‍්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝවක් රුපියල් 100 කට සහ තෙතමනය සියයට 14 ඉක්මවන හා සියයට 22 හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88 කට මිලදී ගන්නා ලෙසයි දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට එමඟින් උපදෙස් ලබාදී ඇත්තේ.

සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්, සමූපකාර සමිති හරහා නාඩු වී පමණක් මිලදී ගන්නා ලෙස දැනුම් දී ඇති අතර වගාකර ඇති භූමි ප‍්‍රමාණය අනුව ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප‍්‍රමාණයද එහි දක්වා තිබෙනවා.

ඒ අනුව වගාකර ඇති බිම් ප‍්‍රමාණය අක්කරයක් නම් කිලෝ ග‍්‍රෑම් 200 ක උපරිම වී ප‍්‍රමාණයක් මිලදී ගන්නා අතර අක්කර 01 ත් 02 ත් දක්වා වගා භූමියකින් වී කිලෝ ග‍්‍රෑම් 4000 ක් දක්වා මිලදී ගනු ඇති.

එම වී තොග කඩිනමින් සහල් කර මාර්තු සහ අප්‍රේල් මාසවලදී අඩු ආදායම් පවුල් වෙත බෙදාදීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required