/
/
title icon
මහේස්ත‍්‍රාත්ගේ, මෝටර් රථය පැහැරගත් සැකකරු අල්ලයි.
මහේස්ත‍්‍රාත්ගේ, මෝටර් රථය පැහැරගත් සැකකරු අල්ලයි.
Editor
2 years ago
Share:
මහේස්ත‍්‍රාත්ගේ, මෝටර් රථය පැහැරගත් සැකකරු අල්ලයි.

කුලියාපිටිය මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේනට අයත් පිළියන්දල – මඩපාත නිවස කුලියට ගැනීමේ මුවාවෙන් පැමිණ මහේස්ත‍්‍රාත්වරයා සිර කර ඔහුගේ නිල මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 25 වන වියේ පසුවන තරුණයෙකු වන අතර ඒ වනවිට ඔහු වත්තල පිහිටි තට්ටු නිවාස සංකීරණයක නිවසක් කුළියට ගෙන තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු විසින් පැහැරගත් විනිසුරුවරයාගේ මෝටර් රථය වත්තල – හුණුපිටිය මාර්ගයේ නතරකර තිබිය දී සොයාගැනුණා.

මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියට අදාළව මේ වනවිට තොරතුරු රැසක් ද අනාවරණ වී තිබෙනවා. මොහු, මහේස්ත‍්‍රාත්වරයාට දුරකතන ඇමතුම ලබාදී ඇත්තේ, මියගිය කාන්තාවකගේ නමට ලබාගත් සිම් පතකින් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මහේස්ත‍්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ල කෑමට ලක් වූ දිනයේ දී කොල්ලකරු විසින් එම දුරකථන අංකයෙන් ඇමතුම් රාශියක් විවිධ පුද්ගලයන්ට ලබා ගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරයක් නිවාස කුලී පදනම මත ලබාදීම සඳහා හා විදේශ මුදල් අලෙවි කිරීම සඳහා ප‍්‍රසිද්ධ වෙබ් අඩවියක වෙළඳ දැන්වීම් පළ කළ පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය කොල්ලකෑමෙන් පසු සැකකරු මහේස්ත‍්‍රාත්වරයාට දුරකථනයෙන් අමතා මෝටර් රථයේ ඇති ලිපි ලේඛන ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක මුදලක් ද ඉල්ලා තිබෙනවා.

පිළියන්දල – මඩපාත ප‍්‍රදේශයේ කුලී පදනම මත ලබා දෙන මහේස්ත‍්‍රාත්වරයාගේ නිවස පරික්ෂා කිරීම සඳහා මෙම සැකකරු පසුගියදා පැමිණ තිබුණා. එහිදී නිවස පරීක්ෂා කරන මුවාවෙන් සැකකරු උඩු මහලට ගොස් එහි කාමරයක මහේස්ත‍්‍රාත්වරයා සිරකර සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගැනීමටයි කටයුතු කර තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required