
පාලනයෙන් තොර නොවැලැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත‍්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. ඒ හේතුවෙන් තැපැල් ඡන්ද නිකුත් කිරීම සැළසුම් කළ පරිදි අද දිනයේ සිදු නොකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි එහි දැක්වෙන්නේ.
මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් අවශ්‍ය වන බවයි. මේ වනවිට මිලියන 40 ක් පමණ ලැබී ඇති අතර, තවත් රුපියල් මිලියන 360 ක් එම කටයුතු වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට අවශ්‍යව පවතිනවා.
දැනට ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවුවත් පවතින තත්වය හේතුවෙන් තවත් දින 3 ක් හෝ 4 ක් ඡන්ද පත‍්‍රිකා ලබාදීමට ප‍්‍රමාදවන අතර, එම ඡන්ද පත‍්‍රිකාද ලබාදිය හැක්කේ මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදුනහොත් පමණක් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.