/
/
title icon
විදුලි ගාස්තුව 66% කින් ඉහළට – සභාපතිගේ විරෝධය උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවෙයි.
විදුලි ගාස්තුව 66% කින් ඉහළට – සභාපතිගේ විරෝධය උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවෙයි.
Editor
2 years ago
Share:
විදුලි ගාස්තුව 66% කින් ඉහළට – සභාපතිගේ විරෝධය උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සියයට 66ක ගාස්තු වැඩි වීමට තම කොමිසමේ සාමාජිකයින් තුන්දෙනා අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මහජන උපදේශනයෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස් කළ සංශෝධිත ගාස්තු ක‍්‍රමය සාමාජිකයින්ගේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කර තිබූ අතර එමගින් ගාස්තු වැඩිවීම සියයට 36කට සීමා කර තිබූ බවයි ඔහු කියා සිටියේ.

එමගින් ලංකා විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142ක් දක්වා සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළා තිබූ බවද සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, තමන් එම ගාස්තු ක‍්‍රමවේදයට අනුමැතිය ලබාදුන් නමුත් කොමිසමේ සෙසු සාමාජිකයින් තුන්දෙනා ඊට විරෝධය පල කර ඒ වෙනුවට විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක‍්‍රමයට අනුමැතිය ලබා දී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required