
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ජාතික කණ්ඩායමේ තරග ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. ඒ අනුව සීමිත පන්දුවාර තරග රටාවේ මෙතෙක් ඇමරිකානු ඩොලර් 250 ක්ව තිබූ, තරග ගාස්තුව ක‍්‍රීඩිකාවකට ඩොලර් 750 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම තරග ගාස්තුවෙන් සියයට 25 බැගින් සංචිතයේ සිටින සෑම ක‍්‍රීඩිකාවකටම හිමිවනු ඇති.
එසේම ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කරනු ලබන තරගයකදී සෑම ක‍්‍රීඩිකාවකටම ඇමරිකානු ඩොලර් 250 ක ජයග‍්‍රාහී ප‍්‍රසාද දීමනාවක් ගෙවීමටද ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ අතර, බංග්ලාදේශය සමඟ පැවති තරගයේදී චර්යා ධර්ම කඩකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව ඊයේ වාර්තා වුණා.