/
/
title icon
මිලියන 300 ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට අදත් ලිපියක්.
මිලියන 300 ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට අදත් ලිපියක්.
Editor
2 years ago
Share:
මිලියන 300 ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට අදත් ලිපියක්.

පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද දිනයේද මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට රුපියල් මිලියන 300 ක මුදලක් අවශ්‍ය බව මීට පෙරද දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු සඳහන් කළා. එමෙන්ම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව ඔවුන්ට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දෙන බවයි ඔහු සඳහන් කළේ.

පාලනයෙන් තොර නොවැලැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත‍්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළා. ඒ හේතුවෙන් තැපැල් ඡන්ද නිකුත් කිරීම සැළසුම් කළ පරිදි අද දිනයේ සිදු නොකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි එම නිවේදනයේ දැකවුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required