
පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට රුපියල් මිලියන 300 ක මුදලක් අවශ්‍ය බව මීට පෙරද දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට ඉන් ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු සඳහන් කළා.
මේ අතර, පැෆ්රල් සංවිධානය සඳහන් කළේ ඉතිහාසයේ පැවති මැතිවරණ වලදී කිසිදු මුදලක් නොගෙවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇති බවයි.