/
/
title icon
ආදරවන්තයින්ගේ සාදයකදී ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්.
ආදරවන්තයින්ගේ සාදයකදී ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්.
Editor
2 years ago
Share:
ආදරවන්තයින්ගේ සාදයකදී ජ’පුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මිරිහාන පොලිස් ස්ථානයට විශ්වවිද්‍යාලයේ ගැටුමක් ඇතිවන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලූයම එම ස්ථානයට පැමිණ ඇත්තේ.

එහිදී සිසුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කර ඔවුන් නේවාසිකාගාර වෙත යොමුකර තිබෙනවා. පසුව යළිත් වරක් ඔවුන් නේවාසිකාගාරය තුළින් පිටතට පැමිණ ශාස්ත‍්‍ර පීඨය ඉදිරිපිටදී යකඩ පොළු හා මුගුරු රැගෙන ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එහිදී එක් සිසුවෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. තවත් සිසුන් කිහිප දෙනෙකු ප‍්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේ සිසුන් පිරිසක් සහ කළමනාකරණ අංශයේ සිසුන් පිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ගැටුමෙන් ශාස්ත‍්‍ර පීඨයේ ගේට්ටුවට සහ ගොඩනැගිල්ලක වීදුරු කිහිපයකට අලාභ හානි සිදුව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required