
පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලමින් නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීරවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත යොමුකර තිබෙනවා. එම සන්ධානය නිවේදනය කළේ එම ලිපියේ පිටපත් කතානායකවරයාට, විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකළ බවයි.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ පළාත් පාලන ඡුන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බවයි. අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් පැහැර හැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වූ තර්ජනය මැනවින් විදහා දැක්වෙන බවයි නිදහස් ජනතා සන්ධානය යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.