
වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව – මාතරවත්ත ප‍්‍රදේශයේදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පොලිස් නිලධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණ දඬුවම නියම කළා.
ඒ, මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ලියනගේ හමුවේ ඊට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු, විශ‍්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙකු , හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකුට සහ සේවයෙන් ඉවත් කරන ලද තිස්සමහාරාම පොලිස් කොස්තාපල්වරයකුටයි.
සැකකරුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වී තිබුණේ. මියගොස් තිබුණේ දෙබරවැව – මාතරවත්ත පදිංචි අමිල මහේෂ් නැමති පුද්ගලයෙක්.