
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළව මෙරට ණය ප‍්‍රතිව්‍යුහගතකරණය මාර්තු මාසය වනවිට ආරම්භ කළ හැකි බවට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා තාක්ෂණ පර්යේෂණ විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, රජයේ පාර්ශවයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා ගැනිමට අවශ්‍ය සැම කටයුත්තක්ම, සිදු කර අවසන් බැවින් මාර්තු මාසය වනවිට ඒ සඳහා ගිවිසුම් ගතවීමට හැකියාව ලැබෙන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පවසනවා. ජා-ඇල ප‍්‍රදේශයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.