
සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයක අද විරෝධතා පැවැත්වුණා.
මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීම හමුවේ කිරි, මස්, ඇතුළු සත්ත්ව නිෂ්පාදනවල මිල ද දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසනවා.
වැඩිවූ විදුලිබිලට විරෝධය පළ කරමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ විදුලි බිල්පත් කිහිපයක් ද ගිනි තබමින්.
මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
එම පෙත්සම විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගෙනුකර තිබුණා.