
මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් අද දහවල් අතුරුදන් වූ පාසල් සිසුන් තුන්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
මාතර ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා නාවික හමුදාවේ සහය ලබාගත් බවයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙක්. ඔවුන් උපකාරක පන්තියකට සහභාගි වන බව දෙමාපියන්ට දන්වමින් මුහුදේ දියනෑමට ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර කොහුවල – කළුබොවිළ පී.රූබන් පීරිස් මාවතේ නිවසකදී සුඛෝපබෝගි මෝටර් රථයකට යටවිමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් තිබෙනවා. දැරියගේ මවගේ සහෝදරයෙකු විසින් අදාළ මෝටර් රථය ගරාජයෙන් පිටතට ගන්නා අවස්ථාවේ දැරිය මෝටර් රථයේ ඉදිරිපස රෝදයට හසුවි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.