
පමුණුගම – උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ පෞද්ගලික තොග ගබඩාවක් කොල්ල කා පළා ගිය පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගියදා අදාළ තොග ගබඩාවේ මුරකරුට තියුණු ආයුධයකින් පහර දී එහි රියදුරෙකු සමඟ ඔවුන් දෙදෙනා කාමරයක සිරකර මෙම කොල්ලකෑම සිදු කර තිබුණා.
සැකකරුවන් ගබඩාවේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණේ කන්ටේනර් රථ 5ක් යොදා ගනිමින්. ඔවුන් විසින් මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා වයස අවුරුදු 30ත් 40ත් අතර කුලියාපිටිය හා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.