2023 රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ”වෙබ් එලිස්” කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ඒ අනුව එය අද අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
”වෙබ් එලිස්” කුසලානය අද උදෑසන හතට කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹට රැගෙන ඒමට නියමිතව තිබූ අතර, පසුව එය කොළඹදී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මහනුවරට රැගෙන යනු ඇති.