/
/
title icon
චීන සහතිකය නොමැතිව IMF ණය පහසුකම ශ‍්‍රී ලංකාවට හිමිවන ලකුණු.
චීන සහතිකය නොමැතිව IMF ණය පහසුකම ශ‍්‍රී ලංකාවට හිමිවන ලකුණු.
Editor
2 years ago
Share:
චීන සහතිකය නොමැතිව IMF ණය පහසුකම ශ‍්‍රී ලංකාවට හිමිවන ලකුණු.

ශ‍්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය පහසුකම අනුමත කිරීම සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, චීනය විසින් ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප‍්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සහතිකයක් ලබාදීම දිගින් දිගටම කල් දමන පසුබිමක් යටතේයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම ප‍්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් තෙවැනි පාර්ශවයක් සිදුකරන ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශකයා කියා සිටියේ ශ‍්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා භාවිතා කළ හැකි නිශ්චිත ප‍්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාව නොවන බවයි.

කෙසේ වෙතත්, මූල්‍ය අරමුදල ණයක් ලබා ගැනීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලීමට අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි ශ‍්‍රී ලංකා බලධාරීන් අදාල මූල්‍ය සහතික කිරීම් අඛන්ඩව සිදුකරන බව ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required