
අස්වනු නෙලීම ආරම්භ වී ඇතත්, තවමත් වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවට පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරනවා.
මේ අතර, පසුගිය මහ කන්නයේදී මෙරටට ආනයනය කළ බන්ඩි පොහොර මෙටි‍්‍රක් ටොන් 42,000 න් මෙටි‍්‍රක් ටොන් 39,000 ක් අලෙවි වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
බන්ඩි පොහොර කිලෝග‍්‍රෑම් 50 ක මිල රුපියල් 19,500 ක් වන අතර, ගොවීන් එම අධික මිල හේතුවෙන් බණ්ඩි පොහොර මිලදී ගෙන නොමැති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මේ අතර, මෙරට බොහෝ දිස්ත්‍රික්කයන්හි කුඹුරුවල උග‍්‍ර පොටෑසියම් හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දී තිබෙනවා.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර යල කන්නය ආරම්භයේ සිට මඩ පොහොර නොමිලේ ලබාදීමටත්, බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමටත් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.