/
/
title icon
වෙනස්කම් කරන්න ලබන වසරේ ඡන්ද අයිතිය භාවිත කරන්නැයි ජනපති කියයි.
වෙනස්කම් කරන්න ලබන වසරේ ඡන්ද අයිතිය භාවිත කරන්නැයි ජනපති කියයි.
Editor
2 years ago
Share:
වෙනස්කම් කරන්න ලබන වසරේ ඡන්ද අයිතිය භාවිත කරන්නැයි ජනපති කියයි.

රජය ප‍්‍රමුඛතාවය ලබාදී ඇත්තේ ආර්ථිකය ප‍්‍රකෘතිමත් කිරීම සදහා බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති රොටරි දිස්ත‍්‍රික් සමුුළුවක් අමතමින්.

ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනගන බවටද එහිදී සහතික වුණා.

එමෙන්ම, රටේ ආර්ථික ගැටලූ විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලූ තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බවයි කියා සිටියේ.

ආර්ථිකය යළි ප‍්‍රකෘතිවීමත් සමග ලබන වසරේදී තම ඡන්දය භාවිත කර රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required