/
/
title icon
සජිත්ට සහය දැක්වූ එජාපයේ පුංචි මන්ත‍්‍රීවරුන් 65 කට වැඩ වරදී.
සජිත්ට සහය දැක්වූ එජාපයේ පුංචි මන්ත‍්‍රීවරුන් 65 කට වැඩ වරදී.
Editor
2 years ago
Share:
සජිත්ට සහය දැක්වූ එජාපයේ පුංචි මන්ත‍්‍රීවරුන් 65 කට වැඩ වරදී.

සමගි ජනබලවේගයට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු 65 ක් පක්ෂයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි.

අදාල පිරිස සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකර අවසන් වීමෙන් පසු මෙලෙස ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම, මන්ත‍්‍රී ධුරද අහෝසි වන බවයි එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී එකඟතාව හිමිව තිබෙනවා. ඒ සඳහා ජනාධිපති නීතිඥවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කළ බවයි නීති ලේකම්වරයා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required