/
/
title icon
දුරගමන් සේවාවලට “මාකුඹුරට” වෙට්ටු දැමීම තහනම් කෙරේ.
දුරගමන් සේවාවලට “මාකුඹුරට” වෙට්ටු දැමීම තහනම් කෙරේ.
Editor
2 years ago
Share:
දුරගමන් සේවාවලට “මාකුඹුරට” වෙට්ටු දැමීම තහනම් කෙරේ.

හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන්කරන සියළු දුරගමන් සේවා හා අධිවේගි මගී ප‍්‍රවාහන බස් රථ මාර්තු පළමුවනදා සිට මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට මහාමාර්ග අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම තීරණයට විරෝධය පළ කළා. ඔවුන් කියා සිටියේ මෙවැනි ක‍්‍රියාමාර්ග ගැනීමට පෙර අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් බස් රථවලට ප‍්‍රවාහන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන අවිධිමත් බලපත‍්‍ර නිකුත් කිරීම් නතර කළ යුතු බවයි.

අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන්, බස් රථවලට නංවා ගැනීම වළක්වා ගැනීම අරමුණු කරගනිමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන්කරන සියලූ දුරගමන් සේවා හා අධිවේගි මගී ප‍්‍රවාහන බස් රථ මාර්තු පළමුවනදා සිට මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමටයි පියවර ගැනුනේ. ඒ අනුව ඊට අදාළ පියවර ගන්නා ලෙසට ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදාළ පාර්ශව වෙත උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මේ වන විට අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති බස් රථ නැවතුම් හා මගී ආවරණ ඉවත්කර, මගීන්ට අවශ්‍ය සියලූ පහසුකම් බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය තුළින් සැපයෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required