/
/
title icon
කල් දමන්නැයි ඉල්ලූ පුංචි ඡන්ද පෙත්සම නියම කළ දිනටම කැඳවීමට නියෝග.
කල් දමන්නැයි ඉල්ලූ පුංචි ඡන්ද පෙත්සම නියම කළ දිනටම කැඳවීමට නියෝග.
Editor
2 years ago
Share:
කල් දමන්නැයි ඉල්ලූ පුංචි ඡන්ද පෙත්සම නියම කළ දිනටම කැඳවීමට නියෝග.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ‍්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදාට පෙර සළකා බැලීම අනවශ්‍ය බව ඔහුගේ නීතීඥයින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ පෙත්සම සළකා බැලීම සඳහා කළින් නියම කළ පරිදි 23 වනදාම කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

අද මෙම පෙත්සම සළකා බැලූනේ එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළ බව ප‍්‍රකාශ කළා. එහෙත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර මෙම පෙත්සම සළකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලා අදාළ මෝසම ගොනුකළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ලබන 23 වනදාට පෙර තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවට තම සේවා දායකයාට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බැවින් මෝසම සළකා බැලීමට අවශ්‍ය නොවන බවයි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා දන්වා සිටියේ. එම ඉල්ලීමට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විරෝධතාවක් පළ කර තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම කළින් නියම කළ පරිදි ලබන 23 වනදා වැඩිදුර සළකාබැලීම සඳහා කැඳවන ලෙසද නියෝග කළා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් මහජනතාවට කිසිදු යහපතක් නොවන බව පෙන්වාදෙන පෙත්සම්කාර විශ‍්‍රාමික කර්නල්වරයා අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required