
තලවතුගොඩ – කිඹුලාවල ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය වීථි ආහාර අලෙවිසැල් මේ මස 24 වනදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී තිබෙනවා. එම ස්ථානයේ වෙළඳසැල් 33 ක් පමණ පවතින අතර, ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකරගන්නවා.
විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට පවා ලක්ව ඇති කිඹුලාවල Street Food අවන්හල් රටට විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් බවටද මේ වනවිට පත්ව තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල ප‍්‍රදේශයේ තමන් ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි වෙළඳුන් කියා සිටියේ. නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ වෙළඳාම් කිරීමට නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් යටතේ සැළසුම් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක‍්‍රියාකිරීම අසාධාරණ බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මගීන්ගෙන් ලැබුණු පැමිණිලි සහ මාර්ගයේ අවහිරතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම මෙම වෙළඳසැල් හිමියන් සඳහා වෙනත් ස්ථානයක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියා.