
මෙවර පළාත් පාලන ඡන්දයට තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පලන ආයතනවල ප‍්‍රධානීන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.
මෙහිදී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වත්මන් තත්වය සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ.
විෂය භාර අමාත්‍යවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 20 වනදායින් අවසන් වනවා. ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළා.