
වැටුප් රහිත නිවාඩු ලබා මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට ඡන්දය කල්යාම නිසා මාස තුනක් යනතුරු වැටුප් නොලැබීමේ අවධානමක් මතුවී තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුවයි.
ඡන්දය කල්ගියහොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපේක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බවද එහි සඳහන්.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව සංශෝධනයක් සිදුකර අග‍්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට එය වෙනස් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. පසුව එය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.