
ආර්ථිකය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නිවැරදි සැළැස්මක් තිබිය යුතු බවත්, වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙල නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩුවී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ නීතීඥවරුන් සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදියි.
මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බවද ප්‍රකාශ කළා.
ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා, රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කළ නොහැකි බවද අවධාරණය කළා.