
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් ක‍්‍රියාවලිය සඳහා ගුරුවරුන් අයදුම්පත් යොමු කිරීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස පිළිතුරු පත‍්‍ර ඇගයීම දින කිහිපයකින් කල් යනු ඇති බවයි.
ඒ අනුව පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබාදීම ජුනි මස අවසානය වනවිට සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ පිළිතුරු ඇඟයීම් ක‍්‍රියාවලිය සඳහා ගුරුවරුන්ට ගෙවන දීමනාව ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් පිළිතුරු පත‍්‍ර ඇගයීමේ ක‍්‍රියාවලිය සඳහා අයදුම්පත් කර නොමැති බවයි.