
ශ‍්‍රී ලංකාව සමඟ පවතින්නේ අතිශය වෙනස් යහපත් සබඳතාවක් බවත්, අසල්වැසියා ලෙස ඉන්දියාව ශ‍්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් මිදීමට උපකාර කළ යුතු බවත්, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.
ඒ, පාකිස්තානය සහ ඉන්දියාව අතර සබඳතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
දේශසීමා ත‍්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානය සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව තුළ පවතින මතවාද ගැන ඔහු ඉන්දීය මාධ්‍ය වෙත මෙහිදී පැහැදිලි කළා. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට හොඳ හිතක් පවතින බව ඔහු සඳහන් කළ අතර, අසල්වැසියා ලෙස ශ‍්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය ගැන කණස්සලට පත්වන බවත්, එම තත්වයෙන් මිදීමට උපකාරක කරන බවත් අවධාරණය කර සිටියා.
පාකිස්තානයේ අනාගතය ඔවුන්ගේ ක‍්‍රියා සහ තෝරා ගැනීම් මත තීරණය වනු ඇති බවයි ඉන්දීය විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.