/
/
title icon
සමගි ජනබලවේගයෙන් ඡන්දයට මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
සමගි ජනබලවේගයෙන් ඡන්දයට මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Editor
2 years ago
Share:
සමගි ජනබලවේගයෙන් ඡන්දයට මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

පළාත් පාලන ඡන්දයට අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් ප‍්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීම තුළින්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ, සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින්.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සදහා මේ වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් ප‍්‍රතිපාදන රජයේ වෙනත් කටයුතු සදහා යෙදවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required