
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය ඉල්ලූ විවාදය ආණ්ඩු පක්ෂය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඊයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදියි.
එම විවාදය සදහා ඉල්ලිම සිදුකරනු ලැබුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂමන් කිරිඇල්ල විසින්.
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමයන් හෙට විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වි තිබෙනවා.
මේ අතර, මුදල් පිළිබද කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සිය මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් නොකීරීම සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාට චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ, එම කාරක සභාව සදහා වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟයි.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ඊයේ ජනාධීපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වුණා.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහභාගි වී ඇති අතර, එහිදි වැඩිදුරටත් සාකච්ජා කර ඇත්තේ අද විවාදයට ගැනීමට නියමිත වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගයන් සම්බන්ධයෙන්.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල ඡන්ද විමසීම පිළිබද කථානායකවරයාගෙන් ප‍්‍රශ්න කිරීමත් සමග සභාවේ ඇතිවුයේ සංවදාත්මක තත්ත්වයක්.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයා අසුන් ගන්නා ස්ථානයට පැමිණ පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධාතාවයේ නිරත වූයේ සභාවේ කටයුතුවලට බාධා එල්ලකරමින්.
එහිදි වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, නලින් බණ්ඩාර, තුෂාර ඉදුනිල් අමරසේන ඇතුළු විපක්ෂයේ මන්ති‍්‍රවරුන් පිරිසක් පාර්ලිමේන්තු සජීවී විකාශයේ කැමරා රූප රාමු වලට හසුවන සේ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරනු දක්නනට ලැබුණා.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, සාගර කාරියවසම් සහ එස්.බී. දිසානායකද ඡන්ද විමසීම පවත්වන්නැයි ඉල්ලා සටන් පාඨ ඉදිරිපත් කිරිම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් තුන්දෙනා මෙම විරෝධතාව සඳහා එක්ව සිටියේ නැහැ.