
පළාත්පාලන ආයතන සභිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී පැවති ඡුන්ද විමසීමේදී තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් පිරිසකගේයි පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කෙරුණේ. ඔවුන් සියලූදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂයකට සහය දැක්වීම ඊට හේතුවී තිබුණා. ඔවුන් මේ වනවිටත් වෙනත් පක්ෂවලින් මෙවර පළාත්පාලන ඡන්ද විමසීමට නාමයෝජනා ලබාදී ඇති බවද සඳහන්.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර, ඊට කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් බහුතරයක් එක්ව සිටියා.
සාමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක් පමණ නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණද එය නොසළකා සියලූදෙනා ඉවත් කිරීමටයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ.