
එළවළු මිල පහළ යාම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළා. ඉල්ලූමට සාපේක්ෂව මේ දිනවල සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතු වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, බෝංචි හැර උඩරට සහ පහත රට එළවළු වර්ග රැසක මිල ගණන් මේ වනවිට අඩු මට්ටමක පවතිනවා. මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝග‍්‍රෑමයක තොග මිල රුපියල් 330 ත් 360 ත් අතර පැවති අතර, කැප්පෙටිපොල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි තොග මිල පැවතුණේ රුපියල් 200 ක් වැනි අඩු මට්ටමකයි. ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝග‍්‍රෑමයක් රුපියල් 150 කට අඩු තොග මිලක් සටහන් කළා.
වට්ටක්කා කිලෝග‍්‍රෑමයක තොග මිලද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 70 ට වඩා අඩු මට්ටමක් සටහන් කළ අතර, ආනයනික අර්තාපල් මිලද රුපියල් 160 කට අඩු අගයක් ගත්තා. මැනිං වෙළඳපොලේ දේශීය අර්තාපල් රුපියල් 200 ත් 240 ත් අතර අගයකට අලෙවි වනවා.