/
/
title icon
ඉන්දියාවේ අදානිට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය.
ඉන්දියාවේ අදානිට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය.
Editor
2 years ago
Share:
ඉන්දියාවේ අදානිට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය.

මන්නාරම සහ පුනරීන් ප‍්‍රදේශයේ මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ ඉන්දියාවේ අදානි සමාගමට ලබාදුන්නා. ඒ, ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

ඒ සඳහා අදානි සමාගමේ නියෝජිතයන්ද එක්ව සිටි අතර, සුළං විදුලි බලාගාර ගිවිසුම සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණේ 2022 වසරේ මාර්තු 11 වනදායී.

ඊට අදාළ අනුමැතියයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඊයේ දිනයේදී අදානි සමාගමට ලබාදී තිබුණේ.

ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් වන මෙමඟින් රැකියා 1,500 ත්, 2,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙනු ඇති.

ව්‍යාපෘතිය වසර දෙකකින් නිම කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. ඒ අනුව මන්නාරමේ ඉදිකෙරෙන සුළං විදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 250 ක ධාරිතාවකින් යුතු වන අතර, පූනරීන් ප‍්‍රදේශයේ ඉදිකෙරෙන සුළං විදුලි ව්‍යාපෘතියේ ධාරිතාවය මෙගාවොට් 100 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required