/
/
title icon
වැටුප කැපුවොත්, වර්ජනයක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.
වැටුප කැපුවොත්, වර්ජනයක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.
Editor
2 years ago
Share:
වැටුප කැපුවොත්, වර්ජනයක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

රජයේ බදු ප‍්‍රතිපත්තිය සහ විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක වෘත්තියවේදීන් ඊයේ දහවල් කෑම පැයේදී විරෝධතාවක නිරත වුණා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට කළු ඇඳුමින් සැරසී ඔවුන් පැවැත්වූ විරෝධතාවය නිසා ඕල්කට් මාවතේ ගාලූමුවදොර දෙසට වන මංතීරුව අවහිර වුණා.

විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලූමුවදොර භූමියට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කරනු ලැබුවේ කොටුව පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 8 ක නියෝජිතයින් නම් කර තිබුණා.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප‍්‍රභාත් සුගතදාස කියා සිටියේ  ලබාදෙන වැටුප, සෞඛ්‍ය ලේකම්වරයාගේ චක‍්‍රලේඛයකට අනුව කප්පාදු කර තිබුනහොත් කොන්දේසි විරහිතව වර්ජනයකට යොමුවන බවයි. ඔහු කියා සිටියේ නිකුත් කළ චක්‍රලේඛයට අනුව අතිකාල කප්පාදු කිරීමට යෝජනා කර තිබූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required