/
/
title icon
සිරිධම්ම හිමිගේ පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමේ.
සිරිධම්ම හිමිගේ පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමේ.
Editor
2 years ago
Share:
සිරිධම්ම හිමිගේ පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි උන්වහන්සේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප‍්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජුනි මස 10 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පැවසුවද ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදු කිරීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

එය ප‍්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික‍්‍රම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව මහමගට පැමිණි ජනතාව කුපිත කිරීමට පෙත්සම්කරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා. ඉදිරිපත්වූ සියලූ‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට තීන්දු කරනු ලැබුවේ.

මේ අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද අරගලයේ ක‍්‍රියාකාරිකයකු වන හශාන්ත ජිවන්ත ගුණතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required