/
/
title icon
බෞද්ධ හා පාලි සරසවියේ සත්‍යග‍්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර.
බෞද්ධ හා පාලි සරසවියේ සත්‍යග‍්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර.
Editor
2 years ago
Share:
බෞද්ධ හා පාලි සරසවියේ සත්‍යග‍්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර.

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතාවය සහ සත්‍යග‍්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

සිසු දඩයම නවත්වන ලෙසත්, සියලූම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙසත්, දැනට ශිෂ්‍යභාවය අහෝසි කර ඇති 39 දෙනාට යලි ශිෂ්‍යභාවය ලබා දෙන ලෙසත් බල කරමිනුයි භික්ෂූ වහන්සේලා ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වූණේ.

පිටිපන මංසන්ධිය ඉදිරිපිට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් අට්ටාලයක් ඉදිකිරීමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය එය ඉවත් කිරීමට උත්සාහ කිරිමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

පසුව පොලිස් විරෝධය හමුවේ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් පිටිපන මංසන්ධිය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළ අතර, පොලිසිය දැනුම් දුන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඉන් ඉවත් වන ලෙසටයි. එහෙත් භික්ෂූන් වහන්සේලා ඉන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required