
මේ වසරේ පැවැත්වීමට නියමිත 07 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072 ක පිරිසක් අයදුම් කර තිබෙනවා.
කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.
නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප‍්‍රවිණතා විභාගය මාර්තු 13 දින ආරම්භ වීමට නියමිත අතර, ”ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා” වන විභාගය සැප්තැම්බර් 01 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.