
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා පාකිස්තානය සුඛෝපබෝගි ආනයන හා සේවා රැසක් මත අයකරනු ලබන බදු ඉහළ දමා තිබෙනවා.
ආර්ථික අර්බුදය හමුවේ ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන රැසක්ම මේ වනවිටත් අත්හිටුවීමටයි පාකිස්තාන රජය පියවර ගෙන ඇත්තේ.
ඊයේ පාකිස්තාන පාර්ලිමේන්තුව බදු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දුන් අතර මේ යටතේ මෝටර් රථ, ගෘහ උපකරණ, චොකලට් සහ රූපලාවන්‍ය උපකරණවලද ආනයන සඳහා වන විකුණුම් බද්ද සියයට 17 සිට සියයට 25 දක්වා ඉහළ නංවා තිබෙනවා.