/
/
title icon
මුදල් කාරක සභාවේ ලොකු පුටුව මයන්තට – විපක්ෂයේ බලාපොරොත්තු කඩ වේ.
මුදල් කාරක සභාවේ ලොකු පුටුව මයන්තට – විපක්ෂයේ බලාපොරොත්තු කඩ වේ.
Editor
2 years ago
Share:
මුදල් කාරක සභාවේ ලොකු පුටුව මයන්තට – විපක්ෂයේ බලාපොරොත්තු කඩ වේ.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉන් ඉල්ලා අස් නොවන බව වාර්තා වනවා. ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඉල්ලා අස් නොවන බව ප‍්‍රකාශ කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් කිරිඇල්ලද කියා සිටියා.

කෙසේ වෙතත්, සභාපති ධුරයෙන් ඉවත්වීමට බලපෑම් පැමිණියහොත් මයන්ත දිසානායක විපක්ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ ප‍්‍රස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බවයි. ඒ පිළිබඳව සළකා බැලීම පමණක් සිදුකර ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ.

රාජ්‍ය මුදල් කාරක සභාව සඳහා සභාපතිවරයා ලෙස විපක්ෂය විසින් හර්ෂ ද සිල්වා නම්කර තිබූ අතර, ආණ්ඩු පක්ෂය විසිනුයි මයන්ත දිසානායකගේ නම යෝජනා කර තිබුණේ.

මේ අතර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද වැඩි ඡන්දයෙන් තේරී පත්වුණා. ඒ, එම කාරක සභාවේ පළමු රැස්වීමේදියි.

එහිදී ආණ්ඩු පක්ෂය විසින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ නම යෝජනා කළ අතර, විපක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කරනු ලැබුවා. අනතුරුව පැවති ඡන්ද විමසීමේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ඡන්ද 14 ක් හිමිවූ අතර, කබීර් හෂීම් මන්ත‍්‍රීවරයාට හිමිවූයේ ඡන්ද 7 ක් පමණයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required