
ඉන්දියාවේ බැංගලෝර්හි පැවැත්වෙන ජී-20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඇමරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
එහිදී ණය අර්බුදය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
අඩු ආදායම්ලාභී සහ ශ‍්‍රී ලංකාව ඇතුළු මධ්‍ය ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීමට චීනය අනුගමනය කරන පසුගාමී ප‍්‍රතිපත්තිය ඇමරිකාව විසින් දිගින් දිගටම විවේචනය කර ඇති බව ද වාර්තා වනවා.
මේ අතර, ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු සංචාරයක් සඳහා අද මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙනතුරු මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප‍්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ලබා දිය යුතු සහය පිළිබඳ සොයා බැලීම මොහුගේ සංචාරයේ අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ.
මොහු මාරවිල රෝහලේ කටයුතු ද නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.