
ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් ලක්ෂ 53 කට අධික මුදලක් වංචා කළ එම ආයතනයේම ගණකාධිකාරීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ මොරටුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු චෙක්පත් උපයෝගී කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.