/
/
title icon
බදු ගැන කතාවට වෛද්‍යවරුන් ජනපති හමුවෙයි.
බදු ගැන කතාවට වෛද්‍යවරුන් ජනපති හමුවෙයි.
Editor
2 years ago
Share:
බදු ගැන කතාවට වෛද්‍යවරුන් ජනපති හමුවෙයි.

රජයේ වත්මන් බදු ප‍්‍රතිපත්තියේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප‍්‍රකාශක චමිල් විජේසිංහ කියා සිටියේ තම සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව අද දිනයේ ලබාදී ඇති බවයි.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ ලබන 1 වනදා සිදුකිරීමට සැළසුම් කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති කිහිපයක් අද හමුවන බවයි.

එසේම, රජයේ වත්මන් බදු ප‍්‍රතිපත්තිය, අතිකාල දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිිහිපයකට විරෝධය දක්වමින් ලංවිම වෘත්තීය සමිති කිහිපයක් ලබන සඳුදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required