
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක කියා සිටියේ එම රැස්වීමෙන් අනතුරුව නැවත මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එදිනම ප‍්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර, මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් ඊයේ ප‍්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඡන්ද විමසීමට අදාළ මුදල් ප‍්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් කථානායකවරයා වෙත කොමිෂන් සභාව වෙතින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීමටද තීරණය කළ බවයි.