/
/
title icon
විනාඩි 20 කදී අමු තේ දළු කිලෝ 10 ක් නෙළා වාර්තාවක්.
විනාඩි 20 කදී අමු තේ දළු කිලෝ 10 ක් නෙළා වාර්තාවක්.
Editor
2 years ago
Share:
විනාඩි 20 කදී අමු තේ දළු කිලෝ 10 ක් නෙළා වාර්තාවක්.

කැළණිවැලි – තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල හොඳම තේ දළු නෙලන්නිය ලෙස 37 හැවිරිදි ආර්.සිදෙයි අම්මා තේරී පත්ව තිබෙනවා.

වසර 7 ක කාලයක් වතු රැකියාවේ නියුතු ඇය සමග හොඳම තේ දළු නෙලන්නිය තෝරා ගැනීමේ අවසන් මහා තරගයට තවත් තරගකරුවන් 41 දෙනෙකු ඉදිරිපත්ව සිටි බව සඳහන්.

කැළණිවැලි – තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම් වලට අයත් වතු 42 ක හොඳම තේ දළු නෙලන්නියන් තේරීම් තරග පවත්වා ඒවායේ ජයග‍්‍රාහකයින් 42 දෙනෙකු අද පැවති මෙහි අවසන් මහා තරගයට ඉදිරිපත් වී තිබුණා.

රදැල්ල වතු යායේ හොඳින් තේ වැවුණු කොටසක තේ දළු නෙලීම සඳහා විනාඩි 20 ක කාලයක් අවසන් මහා තරගයේදී ලබාදී ඇති අතර, එහිදී ආර්.සිදෙයි අම්මා අමු තේ දළු කිලෝ 10 යි ග‍්‍රෑම් 450 ක් නෙලා තරගය ජයගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required